Saturday, June 20, 2015

Samsun බැටරියේ ස්ටිකරයේ ඇත්ත කතාව NFC ( Near field communication )

අද මම දැක්ක FB එකේ Samsun Phone එකේ බැට්රිය පිටිපස්සේ ඇති කලුපාට ස්ටිකර එක ගලවල දාන්න කියන වීඩියෝ එකක්. එයා කියන්නේ එක තියන නිසා අපේ phone එකේ තියන Data Samsun සමාගම අරගන්නවා කියල. එත් ඉතින් අප‍ phone වල තියන දේවල් අරගෙන Samsun එකේ servers වල ඉඩ අඩු කරගන්න නම් උන්ට පිස්සු නැහැ. එහෙම පිස්සුවක් තිබුන නම් එයාලට Phone හදන්න හම්බ වෙන්නේ නැහැ.

NFC ( Near field communication )
මේ බැටරිය පිටිපස්සේ තියෙන්නේ අන්ටන්නා එකක් එකෙන් කරන්නේ NFC කියන තාක්ෂනය හරහා Device දෙකක් අතර ත්රතුරු හුවමාරු කර ගන්නවා. photo එකක් හුවමාරු කිරීමේ සිට විශේෂන්ම බාන්ඩ මිලදීගෙන මුදල් ගෙවීම වැනි දේවල්, මෙම NFC තාක්ෂනය හරහා Data Transmit කරන්න පුළුවන් 10 cm වලටත් වඩා අඩු දුර ප්‍රමාණයක්. එම නිසා උපරිම දුරක් Data Transmit කරන්න එයාල අන්ටන්නා එක battery එක පිටුපස අලවා mother board එකට සවි කර තිබෙනවා. ඕක තමා ඔය Samsun phone එකේ ස්ටිකරේ කතාව. පහත ලින්ක් වලින් වැඩිදුර තොරතුරු බලා ගන්න පුළුවන්. Play Store එකට ගිහිල්ල බලන්න NFC කියල Type කරල ඔයාලටම බලාගන්න පුළුවන් මේ සම්බන්ද app කොපමණ තියනවද කියල.

අන්තිමට කියන්න තියෙන්නේ FB වලට ඕනෑම කෙනෙකුට ඕනෑම බොරුවක් දාන්න පුළුවන් එත් අපි ඒවා ඒ විදියටම පිළිගන්න ගියොත් අපිත් ඊට වඩා මෝඩයෝ වෙන බව මතක තියා ගන්න.
 


1 comment:

  1. Galaxy s2 olleh ekak international karala thiyenne, aya eke nfc ganna widiyak kiyannako, cwm gehuwama 4n eka restart karata on wenne cwm manu eka (j.b. 4.1.2) HELP........
    malithaprakash@gmail.com

    ReplyDelete