Sunday, July 19, 2015

How can transmit Ethernet Data over 100 m / 209 m Cat 6 ware එකකින් WiFi Router එකක් up කරගත් ආකාරය

100 Mbps Ethernet වල බාවිතා කරන්නේ Transmitting and Receiving වලට Cat 6 Cable එකේ ඇති ware හතරක් පමණි. එනම් Pin 1 සහ 2 Transmit සඳහාද Pin 3 සහ 6 Receive ද බාවිතා කරයි අනිත් ware හතරම බවිතයක් සිදු නොවෙයි. සරලව කියනවා නම් Pair දෙකකින් මෙම වැඩේ කරගන්න පුළුවන්. නමුත් මෙය 100 Mbps Ethernet වලට පමණක් බව මතක තබා ගන්න Gigabit Ethernet හෝ Power over Ethernet සඳහා ඉතුරු pair ද අවශ්‍ය වේ. 

100 m වඩා වැඩිනම් එක දෙයක් කරන්න පුළුවන් සරලව ආසන්නව 100 m වෙන්න මැදට Ethernet Switch දාන්න පුළුවන්. නමුත් මට මේ සඳහා විදුලිය ලාබා ගැනීමට ස්ථානයක් නොමැති වීම නිසා. ඉතුරු Pair දෙකෙන් වැඩක් අරගත්තා. එම pair දෙක හරහා 230 V AC විදුලිය පහත රුපයේ අකරට යවල මැද ට යොදා තිබුන WiFi Router එකේ Power Adapter විදුලිය ලබා දී Bridge mode ලෙස configure කර wireless Disable කළා.

දන් ප්‍රශ්න දෙකක් එනවා ඇති නේද මොකද AC Current එක යවන්නේ නැතුව Power Adapter එක නිවාස තුල සවිකර Cat 6 cable එක හරහා DC Current එක යැව්වේ නැත්තේ ඇයි කියල, DC Current නිසා Interference ඇතිවෙනේන්ත් නැහැනේ. එත් මම එහෙම කලේ නැහැ මොකද සරල V=IR සමිකරණය මගින් පැහැදිලි වෙනවා මේ වගේ සිහින් වයරක් මගින් තරමක් ලොකු දරාවක් යවන විට අවශ්‍ය Voltage එක Router එකට ලබා ගැනීමට නොහැකිබව මම දැනගෙන හිටිය නිසා, එක පාරෙන්ම වැඩේ කරල දැන්ම.

Cat 6 ware එකේ ම AC current එක අරගෙන යනවිට Data වලට Interference ඇතිවෙනවා කියන එක. ඔය වගේ පොඩි වැඩ වලට මහලොකු තියරි හිතන්නේ නැතුව තමා මම නම් හැමදාම වැඩ කරන්නේ. කිසි අව්ලක් නැතුව හොදට Internet නම් වැඩකරනව තවම. 





0 comments:

Post a Comment