Monday, August 3, 2015

Google Loon project in Sri Lanka බැලුන් මගින් ලංකාවටම Internet

Google Loon යනු Google සමාගම විසින් 2013 දී පමණ නගර වලින් දුර බැහැර ප්‍රදේශ ආවරණය වන පරිදි අහසට යවන Balloons ආදරයෙන් Internet ලබා දීමට දියත් කරන ලද වැඩසටහනකි. එය අත්හදා බැලීමට ශ්‍රී ලංකාව තෝරාගෙන සිටීම එක අතකින් සතුටු වියහැකි කාරණයකි.

කතන්දර අනවශ්‍ය නම් ඇල අකුරු නොකියවන්න 

දියුණු රටවල් සියලුම අතහදා බැලීම් කිරීමට අපි වැනි තුන්වැනි ලෝකයේ රටවල් සහ මිනිසුන් තෝරා ගනු ලබයි. සමහර රෝග වලට බෙතෙත් අත්හදා බැලීම සඳහා එම රෝග කරකයම මිනිසුනේගේ ඇගට ඇතුල් කර පසුව ඔව්න්ට නොමිලේ බෙහෙත් කරන බව හඟවා අප්‍රිකානු ජාතිකන් පරීක්ෂණ වලට බජනය කර සමහරුන්ගේ ජීවත් වීමේද අයිතය නැතිකර අමානුෂික ලෙෂ ලෝකයාට ඉතාම ජනප්‍රිය සහ ප්‍රචලිත බෙහෙතක්ද හදුන්වා දී ඇත. එම ජනප්‍රිය බෙහෙත නිසා අද අපි ප්‍රතිලාබ ලැබුවත් එහි ඉතාම දුක්බර කතාවක් අන්තර්ගත වී ඇත. සමහර විට ඔබ එම කතාව දන්නවත් ඇති නුමත් නොදන්නා අයට එම බෙහෙත කුමක්දැයි කීමට මම කැමති නැත, සමහර විට ඔබට එම අසනීපයකට එම බෙහෙත ලබා ගන්නා විට එම අමිහිරි දුක්බර කතාව ඔබට මතක් වනු ඇත.

Google Loon තාක්ෂනය 2013 දී  New Zealand වල අත්හදා බැලීමට ගොස් බලුනක් බිමට පතිත වන විට එය ගුවන්යනක් කඩා වැටෙන බව වටහාගෙන  New Zealand රජය Emergency  Rescue Helicopter එකක් පවා එම ස්ථානයට යවා විශාල ප්‍රශ්නයකට Google සමාගම මුහුණ දුන් අතර USA වලද අදිබල විදුලි රහනකට බලුනක් පතිත වීමෙන් එහිද ගැටළුවක් මතු විය. මේ සියලුම ගැටළු වලට විසදුම අපි වැනි තුවනි ලෝකයේ රටවල්ය. අනිත් කරුණ නම් කිසිසේත් නොමිලයේ නම් ඉන්ටෙර්නෙට් නොලැබෙනු ඇත අනිවාර්යෙන්ම ලංකාවේ Internet Service Provider ක් මේ සඳහා Google ආයතනය අනිවාර්යෙන්ම එකතු කර ගන්නවා ඇත. 

තවද මෙම බැලුන් රදවන්නේ ගුවන්යානා ගමන් ගන්නා උසට වඩා වැඩි උසකින් උවද මේවා අත්හදා බැලීම සඳහා ගුවන්ගත කරන විට සහ නඩත්තුව සඳහා නැවතත් පෘතුවියට ගෙන එන විට, Radarපද්දති වලට අනවශ්‍ය වස්තුන් දර්ශනය වේ. 

මෙහිදී සිදුකරනු ලබන්නේ 15 m පමණ විෂ්කම්බයකින් යුතු බලුනකක් අපවර්ති ගෝලය (Stratosphere) තුල 20 km අසන්න දුරකින් රඳවා එහි සවිකර ඇති LTE ( 4 G ) Transmitter මගින් අන්තර්ජාල පහසුකම් ලබා දීමයි. මේ ආකාරයට විශාල බැලුන් ප්‍රමාණක් ගුවන්ගත කර සයිද්‍යාන්තිකව මුළු පෘතුවියම ආවරණය කල හැක.

අපවර්ති ගෝලය (Stratosphere) තුල ඇති අඩු පීඩන වායු ඉසත්ර එකිනකට වෙනස් දිශා වලට සෙමින් ගමන් ගන්නා නිසා මෙම Balloon අවශ්‍ය ඉස්තරවල නියමිත උසට සහ නියමිත දුරක රැදවියක හැක. මේ සඳහා Google X Team එක මෙම Helium පිරවූ බැලූන් වලට Air Pump එකක් බාවිතා කරනු ලැබේ. මෙම එක බැලුනයක් ආසන්නව දින 100 ක කාලයක් ගුවනේ තැබිය හැකි වන පරදී සුවිශේෂ Polyethylene Plastic වලින් නිපදවා ඇත. මෙම බැලුන පවතින ස්ථාන සහ ඒවා ගුවන්ගත කල ඇති කාලය සහ ඒවා නැවත පහලට ගෙන්වා ගැනීම යන සියලුම දේ පොලව තුල ඇති පාලක මැදිරියකින් පාලනය කල හැක. බැලුන ගමන් කරන වේගය සහ උස දැනගැනීමට GPS තාක්ෂනය යොදාගත හැක. මෙම බැලූන් වල වැඩි දියුණු කල Solar Cell ( Approximately 100 w ) පද්දතියක් සහ රාත්‍රියට විදුලිය ලබා ගැනීමට Battery Bank එකක් ඇත. 

වර්තමනයේ පවතින Telecommunication දියුණුවත් සමග මේ බැලූන් මගින් අන්තර්ජාල පහසුකම් ( Radio waves ) පොලවට ලබා දීම කිසුදු ගැටළුවක් නැත, Google ලට අපේ රට තෝරාගෙන කරන්න අවශ්‍ය වී තිබෙන්නේ  මේ බැලුන් බෝල වල ක්‍රියාකාරිත්වය පරික්ෂා කර වැඩි දියුණු කර ගැනීම මිස අපිට ඉන්ටනෙට් දීම නොවේ.

Google ආයතනය LTE මගින් ( 3 G හෝ WiFi හෝ ඕනෑම දෙයක් උවද බාවිතා කල හැක ) පෘතුවියේ 40 km වගේ විෂ්කම්බයක් ආවරණය කිරීමට බලාපොරාත්තු වේ. නමුත් මගේ දැනුමේ හැටියට නම් මේ සඳහා අපි බාවිතා කරන Smart Phone නම් මෙතරම් දුරක් Data Transmit නොකරනු ඇත. ඒ සඳහා අලුතින් උපකරණ නිපදිය යුතුවේ.

දන් බලමු මොකද මේ Google අපිට නිඅකන් Internet දෙන්න මහන්සි වෙන්නේ ඇයි කියල, මෙයාලගේ ප්‍රදාන අදායම් මාර්ගය වන්නේ Google add. මෙයාලට Google add වලින් උපරිම ලාබයක් ලබා ගැනීමට නම් අන්තර්ජාල සම්බන්දතාවය පුළුල් කල යුතු වේ. දැනටමත් Google Fiber මගින් ඇමරිකාවට Basic Fiber Package එක මාසික ගාස්තුවක් රහිතවම ලබා දේ.








0 comments:

Post a Comment