Friday, August 14, 2015

කුරුළු පිහාටුවකුයි ලෙදර් බොලකුයි එකවර උසක සිට අතහැරියොත් කලින් පොලවට වැටෙන්නේ කුමක්ද ?

කුරුළු පිහාටුවකුයි ලෙදර් බොලකුයි එකවර පොලවට අතහැරියොත් අපි දන්නවා මුලින් පොලවට වැටෙන්නේ ලෙදර් බෝලය කියල, එත් මේ Video එක බැලුවම අලුතින් හිතන්න දේවල් ටිකක් ඉතුරු වේවි.


මේ තියෙන්නේ NASA ආයතනය තුල තියන ලොව විශාලම Thermal-Vacuum Test Chamber ( විශාලතම රික්තක කුටීරය ). 1969 දී උසින් 37 m සහ 30 m පරිදියකින් යුතුව රික්තකයක් තුල Nuclear Electric Power පරීක්ෂණ කලත් දැනට බාවිතා වන්නේ අබිවකාශය තුල ඇති රික්තකයක් තුල යම්කිසි දෙයක් හැසිරෙන ආකාරය සොයා බැලීම සහ. අගහරු වැනි ග්‍රහලෝකයක ඇති Atmospheric condition එක නිර්මාණය කර පර්යේක්ෂණ පැවැත්වීමයි. 

උසක සිට බරින් වෙනස් වස්තුන් දෙකක් එකවර පොලවට අතහරී විට අපිට පෙනෙන්නේ බර වැඩි වස්තුව මුලින් පොලවට වැටෙන බවය. එසේ වන්නේ වායුගෝලය මගින් ඇති කරන ප්‍රතිරෝදය ( උඩුකුරු තෙරපුම Buoyant Force ) හේතුවෙනි. වස්තුවක් පහතට පාවෙන්නේ ගුරුත්වා කර්ශන බලය නිසාවෙනි.
G = 6.6726 x 10-11Nm2/kg2

මෙහි m1 සහ m2 යනු පොලවේ සහ වස්තුවේ ස්කන්දය. r යනු වස්තු දෙක අතර දුර වේ. F යනු ගුරුත්වා කර්ශන බලය වේ. 

වතුවේ ස්කන්දය වෙනස් වන විටට සමිකරණට අනුව ගුරුත්වාකර්ෂණ බලය වෙනස් වෙනවා වගේ පෙනුනත් පොලවේ ඇති අතිමහත් ස්කන්දය නිසා එහි කිසිම සැලකිය යුතු වෙනසක් සිදු නොවේ. විශේෂන්ම පොලව ආසන්නයේදී ඇත්තේ එකම බලයකි. 

පහත ඇති චලිත සමීකරණය අනුවම එය පැහැදිලි වේ එහි m ( ස්කන්දයක් අඩංගු නොවේ ). මෙම සමීකරණය මගින් වස්තුවක් දන්නා උසක සිට පොලවට වැටෙන්න යන කාලය ගණනය කිරීම මගින් ලබා ගත හැක. ( a 9.81 m/s2 ) t යනු කාලය තප්පර වලින්, සහ S යනු වස්තුව ගමන් කරන දුර වේ, U යනු අරම්බක ප්‍රවේගය වේ.

S=ut+½at2

මේ සේරටම හේතුවෙන Gravity (ගුරුත්වා කර්ෂණය) අපි පාසලේදී ඉගන ගනිපු දේවල් වලට වඩා වැඩි දෙයක්

මේ විශ්වය තුල පවතින මුලික බල හතරෙන් අඩුම බලය ඇත්තේ ගුරුත්වා කර්ශන්යට වේ. 


  1. Strong force
  2. Electromagnetic force
  3. Weak force
  4. Gravitational force
ගුරුත්වා කර්ශන්යද ක්‍රියාත්මක වන්නේ Electromagnetic force එක වගේ Gravity fieldඑකක් ලෙසය. Electromagnetic wave වල ශක්තිය ගමන් කරන Proton අංශුව මෙන් මෙහිද Graviton නමින් හදුන්වන අංශුවක් ඇත. නමුත් මෙම අංශුව තවම විද්‍යාත්මකව පෙන්නවා දී නොමැත. 

Newton ගේ ගුරුත්වාකර්ෂණ තියරි වලට වඩා වැඩි යමක් Einstein's Theory of General Relativity මගින් Albert Einstein විස්තර කරනු කරන ලදී.





0 comments:

Post a Comment